උද්‍යාන අලංකරනය සදහා ශාක භාවිතය

December 18, 2021
Agriculture

උද්‍යාන අලංකරනය සදහා ශාක භාවිතය

උද්‍යාන අලංකරන කටයුතුවලදී පාරිසරික අගය වැඩි කරගැනීමට වඩාත් අවශ්‍ය වන සාධකයක් වන්නේ ශාකයි.උද්‍යාන නිර්මානය ගැන අදහසක් දක්වන්නෙකුට දෘඩ හා මෘදු ලෙස අප කරන නිර්මානවල කොටස් වෙන්කරගැනීමට සිදුවේ.එනම්,උද්‍යානයේ අත්‍යවශ අංග ලෙස ගොඩනැගිලි,පාරවල්,තාප්ප,පඩිපෙලවල් අන්තර්ගත වන අතර අලංකාර දෘඩ අංග ලෙස දිය ඇලි,පොකුණු,බංකු,ආරුක්කු,මැසි පිලිම ආදිය නිර්මානය කරනු ලැබේ.නමුත් වටපිටාවට එක් කරනු ලබන පදුරු,පැලෑටි,ශාක,බිම් ආවරන වැනි අංගවලින් ලැබෙන්නේ ඉතා චමත්කාරයකි.එබැවින්,භූමි අලංකරනය සිදු කිරීමේදී මෙම ස්වාභාවික අලංකරනය රදවා ගැනීමට මෙම ශාක භාවිතය ඉතාම වැදගත්‍ ය.

උද්‍යාන අංග සැලකීමේදී මල් පාත්ති,මල් ගොමු,වැටවල්,තෘන පිට්ටනි,මල් පැල,පදුරු විශාල හා මද්‍යම ශාක ලෙස උද්‍යාන තුල විවිධාකාරයෙන් මෘදු අංග ස්ථානගත කරයි.මෙම ස්ථානගත කිරීමේදී සැලැස්මට අනුව නියම ස්ථානයේ අංග පිහිටුවා ගැනීම වැදගත්‍ ය.එමෙන්ම එම පිහිටුවාගත් ස්ථානය අනුව අදාල ශාක තෝරා ගැනීමත්,ඒ සදහා එම ශාක ස්ථානගත කරන තැන්වල පාරිසරික සාදක සලකා බැලීමත් ඉතා වැදගත්‍ ය.

එනම් ශාකයට ලැබෙන හිරු එළිය,සෙවන,වර්ශාව,සුලං,ඉඩකඩ,පසේ ස්වභාවය,පිළිබද නිර්මානය සිදු කරන පුද්ගලයා තුල අදහසක් පැවතිය යුතුය.ඒ අනුව,පැල තේරීමේදී මුලින්ම එම ශාකය පරිසරයේ පවතින කාලය අනුව වර්ගීකරණය සිදු කරනු ලබයි.එනම්,වාර්ශික හා බහු වාර්ශික ලෙසය. සූර්යාලෝකය ප්රියකරන වාර්ශික ශාක ලෙස හොදින් වර්න ලැබෙන මල් පැල වර්ග තෝරා ගැනීමෙන් අලංකාරය වැඩි කරගත හැකිය.

වාර්ශික මල් පිපෙන ශාක ලෙස Salvias, Aster, Celosia, Petunia, Marigold, Gaillardia, cleome වැනි ශාක දැක්වියහැක.

Salvias
Aster
Celosia
Petunia
Marigold
Gaillardia
cleome

බහුවාර්ශික මල් පිපෙන ශාක ලෙස galphimia, Ixora, Pentas, Lantana, bougainvillea, වැනි ශාක ඉදිරිපත් කල හැක.

galphimia
Ixora
Pentas
Lantana
bougainvillea

හොදින් සූර්‍යාලෝකය නොලැබෙන ෂේවන සහිත ස්ථාන සදහා ශාක සිටුවීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ තමන් තෝරාගනු ලබන ශාකය 60%-70% සෙවන ප්‍රිය ශාක විය යුතුය. Aglaonema, Caladiums, dracaena වැනි පදුරු ලෙස වැඩෙන ශාක තෝරා ගෙන පාත්ති, බෝදර හෝ ගොමු ලෙස වගා කරමින් අලංකාරය වැඩි කරගැනීමේ හැකියාව ඇත.

විශාල ශාක සිටුවීමට හැකියාව නොමැති ස්තානවලට තරමක් විශාලත්වය අඩු ශාක ලෙස kopsia, murraya, caesalpinia වැනි ශාක වරග තෝර ගැනීමෙන් සීමා සහිත ඉඩකඩකට අවශ්‍ය සුන්දරත්වය ලබාගැනීමෙ හැකියාව ඇත.

එමෙන්ම මීට අවමතරව උද්‍යාන අලංකරන කටයුතු වලදී මල් ආරුක්කු, මැසි භාවිතා කිරීමටද හැකියාව ඇත.එවැනි අවස්තා වලදී මල් පිපෙන හෝ විසිතුරු පත්‍රිකා වැල් වර්ග භාවිතා කල හැක. එහිදී Saritaea, Jasmine, Ipomoea, thunbergia, Petrea වැනි අලංකාර වැල් වර්ග ප්‍රයෝජනයට ගත හැකිය.

Related Posts

Stay in Touch

Thank you! Your submission has been received!

Oops! Something went wrong while submitting the form